Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2018 15:23:23 Hours

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කුමා පිරිස් අඟහරුවාදා (13) දින රාජකාරි භාරගනු ලැබිය.

65 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්ව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුව, 1 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනැමූහ.

නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස් ආගමික වතාවත් මධ්‍යයේ සම්ප්‍රදායානුකුලව නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගත් අතර කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව සියලු නිළ තේ පැන් සංග්‍රහය සඳහා ද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 651, 652 සහ 653 යන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ.

jordan release date | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp