Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 14:11:52 Hours

64 වන සේනාංකය සංවිධානය කළ සුහඳත්ව ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය 26 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායමට

මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරින් සහ හමුදා සාමාජිකයින්ගේ ජවය, වේගය, දරාගැනීම, සාමුහිකත්වය, යහපත් මානසිකත්වය සහ ශාරීරික යෝග්‍යතාව ඇති කිරීමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක මුලස්ථානය විසින් සංවිධානය කළ අර්ධ වාර්ෂික අභියෝගතා කුසලාන 20 – 20 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2018, අගොස්තු මස 11 සිට සැප්තැම්බර් මස 12 දක්වා 64 වන සේනාංක ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ සංකල්පයකට අනුව පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලු ඒකකයන් නියෝජනය කරමින් කණ්ඩායම් 15 ක් සහභාගි විය.

මෙහි අවසන් තරඟය 26 වන ගජබා රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම සහ 25 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම අතර පැවැත්විය. එහිදි කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළ 26 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම විසින් තරඟාවලියේ ශුරතාවය හිමිකරගනු ලැබීය.

මෙම තරඟාවලියේ සහතික ප්‍රදානොත්සවය මුලිතිව් ක්‍රිකට් ලෝලින් රැසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (08) දින පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 64 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ජයග්‍රහකයින් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කරන ලදි.

තවද, එහිදි තරඟාවලියේ වීරයා ලෙස 26 වන ගජබා රෙජිමේන්තුවේ කපිතන් ටි.ඩී.එන් තිස්සගේ සම්මාන ලද අතර, දක්ෂතම පිතිකරුට හිමි සම්මානය 25 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සැරයන් ඩි.එම් දිසානායක ත්, දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය 26 වන ගජබා රෙජිමේන්තුවේ ලුතිතන් එස්.සී.එල් සිල්වා විසින් හිමි කරගනු ලැබීය.best shoes | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!