Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2018 17:23:47 Hours

64 වන සේනාංකයේ සියලු නිලයින් ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබන ආපදා කළමනාකරණ දේශන මාලාවේ අවසන් දේශනය මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් සෙනසුරාදා (06) දින මුතියන්කඩ්ඩුකුලම් බළඇණි පුහුණු පාසලේ දී පවත්වන ලදී.

59 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් නිලධාරියෙකු සහ සෙසු නිලයින් මෙන්ම 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 64 වන සේනාංකය යටතේ ස්ථාපිත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් සෙසු නිලයින් 35 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මැයි මස 21 වන දින සිට ජුනි මස 16 වන දින දක්වා පැවති මෙම ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරිමේ දේශන මූලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ නිලධාරින්, ගුවන් හමුදා නිලධාරින්, නාවික හමුදා නිලධාරින්, විශේෂ බලකායේ නිලධාරින් සහ තවත් කිහිපදෙනෙකු ඇතුලු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් පවත්වනු ලැබීය.

මෙම දේශන සැසියන්හිදී නායයෑම්, සුළි සුළං, ගංවතුර සහ මිනිසා විසින් සිදු කරන ලද ආපදාවන් හිදී නිපුණත්වයෙන් හා විශ්වාසයෙන් ගනු ලබන ආරක්‍ෂාකාරි පියවරයන් පිළිබඳ අවධාරණය කළහ. මෙම වැඩසටහන මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ යෝජනාවකට අනුව 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ පූර්ණ අධීක්‍ෂණයෙන් අවට සේනාංකයන්හි සහයෝගය ඇතිව 642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ විසින් සංවිධානය කරනු ලැබීය.

latest jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp