Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2018 14:49:24 Hours

64 වන සේනාංකයේ භට පිරිස් අවහිරවූ මාර්ගයේ ගමනාගමනය යථාතත්ත්වයට පත් කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ මූලතිව් දිස්ත්‍රික්කය හරහා බදාදා (07) දින හදිසියේ හඹාගිය සුළි සුළං තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ සහ ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා 64 වන සේනාංකය යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 23 වන විජයබාහු පාබල රෙජමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 30 කට අධික ප්‍රමාණයක් කඩිනමින් යොදවනු ලැබීය.

ඒ අනුව, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් මූලතිව් - මාන්කුලම් මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක සුළි සුළං හේතුවෙන් කඩා වැටුණු ගස්, අතු සහ අනෙකුත් දේ ඉවත් කරමින් පැය කිහිපයක් තුල ගමනාගමනය යථාත්ත්වයට පත් කිරීමට සමත්විය.

ඇතිවු හදිසි ආපදා තත්ත්වය පිළිබඳ ප්‍රදේශයේ අදාල බලධාරීන් විසින් ප්‍රථමයෙන් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත දැනුම් දෙනු ලැබීය. මේ පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ 64 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඔඩ්ඩුසුඩාන් පොලිස් නිලධාරීන්ගේ ද සහායෝගය ඇතිව මෙම කාර්යභාර්ය සාර්ථකව ඉටු කරනු ලැබීය. Nike Sneakers Store | Air Jordan