Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th December 2018 10:10:01 Hours

64 වන සේනාංකයේ නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරය විවෘත කෙරේ

මූලතිව් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ රැස්වීම්, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සඳහා දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති නව ශ්‍රවණාගාරය එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ මූලිකත්වයෙන් ඉදිකර 2018 දෙසැම්බර් මස 6 වන දින විවෘත කරනු ලැබීය.

64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට සපැමිණි මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් සමරුඵලකය නිරාවරණය කර යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට පමණ පහසුකම් සපයන මෙම නව ශ්‍රවණාගාරය විවෘත කළහ. මෙම ශ්‍රවණාගාරය ප්‍රදේශයේ ජනතාව අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිකරලීමේ අරමුණින් මහජනතාවගේ පොදු උත්සව සහ වෙනත් අරමුණු සඳහා ද ලබාදීමට අපේක්‍ෂා කරයි.

දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා මීට වසර කිහිපයකට පෙර මුල්ගල තැබු නමුත් මූල්‍යමය බාධක හේතුවෙන් ඉදිකිරීම් කටයුතු යටපත්ව තිබු අතර 64 වන සේනාංකය විසින් දරණ ලද දැඩි ප්‍රයත්නය හේතුවෙන් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මීට දින කිහිපයකට පෙර අවසන් කරගැනිමට හැකි විය.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Running Sneakers Store | Nike Off-White