Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2019 13:14:22 Hours

623 වන බලසේනාවේ නව බලසේනාධිපතිතුමන් රාජකාරි අරඹයි

623 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් පි.ජි.පි.එස් රත්නායක ආගමික වතාවත් මධ්‍යයේ අඟහරුවාදා (12) දින බලසේනා මූලස්ථානයේ පැවැති චාම් උත්සවයකදී නව තනතුරේ රාජකාරි භාරගත්හ.

හිටපු බලසේනාධිපති කර්නල් ප්‍රසන්න ගුණරත්න ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස පත්වීමෙන් පසු කර්නල් පි.ජි.පි.එස් රත්නායක මෙම තනතුරට පත්විය.

නව බලසේනාධිපතිතුමන් වෙත 11 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි.

මෙම අවස්ථාව සඳහා 11 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ඇතුළු 623 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.latest jordans | Air Jordan Release Dates 2020