Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

621 වන බලසේනාවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් පාසල් සිසුන්ට පරිඝණක පරිත්‍යාගයක්

621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජිව ගේ සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් එච්.ඒ.ඩි.ජි. ද සිල්වා ගේ සම්බන්ධිකරණයෙන්හිල්ටන් හොටෙල් සමුහ ව්‍යාපාරයේ කොළඹ ශාඛාවේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ පිහිටි කල්‍යාණිපුර මහා විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පරිඝණක 06 ක් ඇතුළු තවත් උපකරණ තොගයක් සිකුරාදා (06) දින එම විද්‍යාල පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයක දී පරිත්‍යාග කරන ලදී.

621 වන බලසේනාවේ බලසේනාධිපති ගේ පූර්ණ මඟපෙන්වීම මත කල්‍යාණිපුර විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා නව පරිඝණක 06 ක්, පරිඝණක මේස, පුටු සහ රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවයන් මෙහිදිපරිත්‍යාග කළහ.

මෙම උත්සවය වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබීය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ ඇතුළු පරිත්‍යාගශීලි කොළඹ හිල්ටන් හෝටලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි රාජේන්ද්‍ර වටුවිට මහතා, කොළඹ හිල්ටන් හෝටලයේ ප්‍රධාන ගණකාධිකාරි හේමකාන්ත ද සිල්වා මහතා,හිල්ටන් හෝටලයේ නිලධාරින් කිහිපදෙනෙකු සහ 62 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම උත්සවය සඳහා සහභාගි විය.

මෙම උත්සවය සඳහා සම්පත්නුවර කාලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්. රත්නායක මහතා ඇතුළු එම විද්‍යාලයේ ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතිය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලැබීය.

Nike footwear | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger