Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2017 22:34:39 Hours

621 බලසේනාවට සියලු පහසුකම්වලින් සමන්විත නව නිලධාරි නිවස්නයක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 බලසේනා මුලස්ථානයේ පසුගිය දා සංචාරයක නිරත වු වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් එහිදී අභිනවයෙන් ඉදිකරන ලද නව නිලධාරි නිවස්නයද විවෘත කරන ලදි.

621 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කල්ප සංජීව ගේ යෝජනාවකට අනුව ස්වාභාවික පරිසරයට ගැලපෙන ආකාරයට භෝජනාගාරයක්, විශාල ශාලාවක්, රූපවාහිනී කාමරයක් හා අති නවීන මුළුතැන් ගෙයක් සහිතව මෙම තනි මහල් නිලධාරි නිවස්නය ඉදිකරනු ලැබීය.

නිලධාරි නිවස්නය විවෘත කිරිමේ උත්සවයට සමගාමිව බලසේනා සහ ඒ යටතේ වන ඒකකයන්හි නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සුහඳ හමුවක් ද පවත්වන ලදි.

මෙම උත්සවය අවසානයේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනිසිටි අතර, නව නිලධාරි නිවස්නයේ දී විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් ද තබන ලදි.

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ සමඟින් එම සේනාංකයේ නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Autres