Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2018 19:59:05 Hours

62 වන සේනාංකයේ සංවත්සර දිනය අභිමානවත්ව සමරයි

ගල්කුලම, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ ස්ථානගත 62 වන සේනාංක මූලස්ථානයේ 8 වන සංවත්සර දිනය සැප්තැම්බර් මස 15 වන දිනට යෙදී ඇති අතර සංවත්සර දිනයට සමගාමීව ආගමික සහ හමුදා සම්ප්‍රදායානුකුල වැඩසටහන් මාලාවක් සැප්තැම්බර් මස 10 දින සිට 15 දින දක්වා පවත්වනු ලැබීය.

සංවත්සර සැමරුම් උළෙල හමුදා සම්ප්‍රදායානුකුලව සහ ආගමික වැඩසටහන් මධ්‍යයේ අභිමානවත්ව පැවැති අතර සංවත්සර උත්සවයට සමගාමීව මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද සැරයන් සහ බළලත් නිලධාරි නිවස්නය විවෘත කරන ලදී.

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම සැමරුම් උත්සව මාලාවට සමගාමීව සෙසුනිලයින් වෙනුවෙන් නිවාඩු බංගලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තබනු ලැබීය. තවද සැමරුම් උත්සවයට සමගාමීව සියලුනිල දිවා භෝජන සංග්‍රහයක්, පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝයා වහන්සේලා උදෙසා දානමය පිංකමක් පැවැත්විණි. 62 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සංවත්සර දිනයේ දී පිරිනැමු අතර එම අවස්ථාව නැරඹීම සඳහා 62 ව සේනාංකයේ ආරාධනයකට අනුව සිවිල් වැසියන් 200 කට අධික පිරිසක් සහභාගි වූහ.

සංවත්සර දිනයේ පැවැති ප්‍රධාන උත්සවයේ දී පැමිණ සිටි සිවිල් වැසියන්ට කෙටි ආහාර වේලකින් ද සංග්‍රහ කරනු ලැබීය. Adidas shoes | Nike Dunk - Collection - Sb-roscoff