Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2018 18:03:59 Hours

62 වන සේනාංකයේ භට පිරිස් රාමසාන් ‘ඉෆ්තාර්’ උත්සවය සැමරීම සඳහා එක්වෙයි

පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථානගත 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 621, 622 සහ 623 වන බලසේනාවන්හි භට පිරිස් බ්‍රහස්පතින්දා (14) දින පුල්මුඩේ ජූම්මා මුස්ලිම් පල්ලියේ පැවැති ‘ඉෆ්තාර්’ උත්සවය සැමරීම සඳහා එක්විය.

රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනසිංහ සමඟින් 621, 622 සහ 623 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මුස්ලිම් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සහභාගි වූ සියලුදෙනාට රසවත් ආහාරපාන පිළිගන්වනු ලැබු අතර එහිදි මවුලවිතුමන් විසින් රාමසාන් ‘ඉෆ්තාර්’ චාරිත්‍රය මෙන්ම රාමසාන් උපවාස කාලය අතහැරීම පිලිබඳව ද කෙටියෙන් පැහැදිලි කළහ.

උත්සව සභාව අමතමින් සේනාංකාධිපතිතුමන්, මෙම ආගමික උත්සවයේ වැදගත්කම මෙන්ම ජනවාර්ගික සංහිඳියාවේ වටිනාකමද පැහැදිලි කළහ. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූස්ලිම් නිලධාරින්, සෙසුනිලයින්, ප්‍රදේශයේ මවුලවිතුමන්ලා සහ මුස්ලිම් බැතිමතුන් 100 කට අධික පිරිසක් සහභාගි විය.

latest Running | Nike Shoes