Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th September 2018 19:24:03 Hours

61 වන සේනාංකය විසින් සිවිල් වැසියන් වෙත කෘතිම පාද ලබාදීම තවදුරටත්

61 වන සේනාංකය විසින් ක්‍රියාත්මක කරනු ලබන වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර වශයෙන් මඩු, ඉච්චන්කුලම් සහ නන්දිකඩාල් ප්‍රදේශ වල වෙසෙන තෝරාගත් අඩු ආදායම්ලාභි ආබාධිත සිවිල් වැසියන් සඳහා සකස්කරන ලද කෘතිම අත් පාදවල අනුකූලතාවය පරික්‍ෂාකිරිම සිකුරාදා (7) දින 613 වන බලසේනා මූලස්ථානයේ දී පවත්වන ලද අතර පසුගිය මාසය තුලදී එම සිවිල් වැසියන්ගේ අවශ්‍ය මිනුම් ගැනීම සිදුකරන ලදී.

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ තිලකරත්න ගේ මුලිකත්වයෙන් කුණ්ඩසාලේ ‘Centre for Handicapped’ ආයතනයේ සහයෝගීතාවයෙන් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

තෝරාගත් ප්‍රතිලාභින් සඳහා කෘතිම අත් පාදවල නිවැරදිතාවය පරික්‍ෂාකිරිමේ වැඩසටහනේ දෙවන අදියර 613 වන බලසේනාංකයේ සේනාංකාධිපති කර්නල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ගේ අධික්‍ෂණය යටතේ එම බලසේනා මුලස්ථානයේ දී පවත්වන ලද අතර කුණ්ඩසාලේ ‘Centre for Handicapped’ ආයතනයේ එස්.එස් අත්තනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගය ඒ සඳහා ලැබුණි.

මෙම අවස්ථාව සඳහා 61 වන සේනාංක මුලස්ථානය සහ 613 වන බල සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, හමුදා සාමාජිකයන් හා මඩු, ඉච්චන්කුලම් සහ නන්දිකඩාල් ප්‍රදේශ වල ප්‍රදේශවාසින් පිරිසක් ද සහභාගි වුහ.Nike Sneakers Store | Women's Nike Superrep