Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd March 2017 18:50:34 Hours

6 වන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා පැමිණි ඉන්දිය නියෝජිතයින් ඉන්දිය සාමසාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කරයි

ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා පැමිණි ඉන්දීය යුද හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා, ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස බත්තරමුල්ලේ පිහිටි ඉන්දිය සාමසාධක හමුදා ස්මාරකය වෙත බ්‍රහස්පතින්දා (23) දින උදෑසන පුෂ්පෝපාහර පුද කරමින් 1980 වර්ෂයේ අගභාගයේ දී ඉන්දිය සාමසාධක හමුදාව විසින් ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන ලද මෙහෙයුම් වලදි මියගිය රණවිරුවන් අනුස්මරණය ලදි.

බ්‍රිගේඩියර් කීර්ති කොස්තා සහ බ්‍රිගේඩියර් එම්.ඩී. විජේසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඉන්දිය හමුදා මේජර් ජෙනරාල් ඇතුළු විශේෂ නියෝජිතයන් පිරිස පිළිගත් අතර, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා භට පිරිස් විසින් එම අමුත්තන් වි‍ශේෂ පිඨිකාවක් වෙත කැඳවාගෙන යමින් අනුස්මරණ කටයුතු ආරම්භ කරන ලදි.

යුද හමුදා පොලිස් හේවා භටයින්ගේ උත්තමාචාර මධ්‍යයේ ස්මාරකය වෙත පැමිණි මේජර් ජෙනරාල් සංජය තාපා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පුෂ්පෝපහාර පුද කර 1987 සහ 1988 කාල වකවානුවේ දී ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදය හෙතුවෙන් මියගිය ඉන්දිය සෙබලුන් සිහිපත් කරන ලදි.

යුද හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව පසු බැසිමේ වාදන නාදය අනුස්මරණ කටයුතු වල අවසානය සනිටුහන් කළ අතර, ඉන්දිය නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා විසින් මෙම අවස්ථාව සිහිපත් කරමින් සමරු සටහන් පොතේ සටහනක් ද තබන ලදි.

මේ අතර 6 වන ඉන්දු - ශ්‍රි ලංකා හමුදා මාණ්ඩලික සාකච්ඡාවේ තුන්වන දිනයට සමගාමීව දෙරට හමුදා නියෝජිතයින් අතර සාකච්ඡාවක් (23) දින උදෑසන යුද හමුදා මුලස්ථානයේ දී පැවැත්වු අතර, දෙරට අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තබන ලදි.

තවද මාණ්ඩලික සාකච්ඡාවේ දී ඉන්දිය හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එම සාකච්ඡා වර්තා සඳහා අත්සන් තැබිය.

සාකච්ඡාව අවසානයේ දී දෙරටේ නියෝජිත පිරිසේ ප්‍රධානින් විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.

latest jordans | Men’s shoes