Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st March 2018 07:59:13 Hours

593 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථානගත 593 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල සඳුදා (26) දින රාජකාරි අරඹනු ලැබීය.

593 වන බලසේනාවේ නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදයානුකුල කඳවුරු සම්මාන මුරයක් 19 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පරිනමන ලදී.

නව බලසේනාධිපතිතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනාවක් මධ්‍යයේ නිල ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළහ. අනතුරුව බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම නිලයින් අමතනු ලැබීය.

නව ධුරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් බලසේනාධිපතිතුමන් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර මෙම අවස්ථාව සඳහා 593 වන බලසේනාව යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

best Running shoes brand | adidas