Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

59 වන සේනාංකයේ සම්බන්ධිකරණයෙන් මුලතිව් සිවිල් වැසියන්ට නොමිලේ ඇස්කණ්ණාඩි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ 03 පිහිටි ජෝර්ජ් ගුණරත්න ඇස්කණ්ණාඩි සමාගම හා සම්බන්ධිකරණයෙන් මුලතිව් මුල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ දී ජනවාරි මස 10 සහ 11 යන දිනයන්හි අක්ෂි සායනයක් පවත්වා අක්ෂි ආබාධ සහිත වුවන් වෙත ඇස්කණ්ණාඩි ලබාදෙන ලදි.

ජෝර්ජ් ගුණරත්න ඇස්කණ්ණාඩි සමාගමේ ලක්ෂ්මන් අබේගුණරත්න මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන්ම මෙම අක්ෂි සායනය පවත්වා 250 කට වැඩි සිවිල් වැසියන් පිරිසකගේ ඇස් පරික්ෂා කරනු ලැබීය.

එහිදි අක්ෂි ආබාධ සහිත සිවිල් වැසියන් 250 කට වැඩි පිරිසක් වෙත රුපියල් 875,000 ක් වටිනා ඇස්කණ්ණාඩි නොමිලේ බෙදා දුන්හ.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්විම යටතේ සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත මෙම අක්ෂි සායනය පවත්වන ලදි.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිෂාන්ත වන්නිආරච්චි ගේ ආරාධනයෙන් අක්ෂි සායන වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහභාගි විය.

තන්නිමුරුප්පු, උත්තන්කර් පුල්ලයාර් කෝවිලේ කුරුක්කල් පූජ්‍ය පද්මකුමාර් ද විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

affiliate link trace | Air Max