Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 13:29:25 Hours

59 වන සේනාංකය සහ 622 වන බලසේනාව සිය අභිමානවත් සංවත්සර සමරයි

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ සිය 11 වන සංවත්සරය සෙනසුරාදා (01) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සරයට සමගාමීව, සිකුරාදා (30) දින සේනාංක පරිශ්‍රයේ පිහිටි විහාරයේ දී සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට අශීර්වාද එක් කිරීමේ සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදනා කිරීම අරමුණු කොට ගෙන බෝධි පූජා පිංකමක් පැවැත්විණි.

සංවත්සර දිනයේ දී, සේනාංකාධිපතිතුමන් වෙත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 19 වන ගැමුණු හේවා බළඇණියේ නිලධාරින් 8 ක් සහ සෙසුනිලයින් 83 දෙනෙකුගෙන් සමන්විත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව, සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කල අතර සංවත්සර උත්සවය සඳහා 59 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගි වූහ.

එමෙන්ම, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාවේ 8 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරුම් උත්සව මාලාවක් සමගින් සෙනසුරාදා (01) දින පවත්වනු ලැබීය.

සංවත්සර දිනයට ප්‍රථම, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ජනකපුර, කිරිඉබ්බන්වල, හැලබවැව සහ සිංහපුර විහාරස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් කිහිපයක් දියත් කළහ. තවද, සංවත්සරයට සමගාමීව විශේෂ ධර්ම දේශනවක් ද පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේ දී 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව, 9 වන ගජබා රෙජිමේන්තුවේ සහ 20 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබු ආපනශාලාව සංවත්සර දිනයේ දී විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ. Nike shoes | GOLF NIKE SHOES