Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2018 19:55:41 Hours

59 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් මූලතිව් සිසුන් සඳහා අපොස සා/පෙළ සම්මන්ත්‍රණයක්

මුලතිව්, මුල්ලෙයාවේලි සහ කෝකිලායි ප්‍රදේශයන්හි පාසල්වල අධ්‍යාපනය හදාරනු ලබන මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් 320 දෙනෙකුට අධික පිරිසක් සඳහා ගණිතය විෂය පිළිබඳ සම්මන්ත්‍රණයක් මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානය විසින් සෙනසුරාදා (03) දින මුල්ලෙයාවේලි ඌත්තන්කේනි පුල්ලෙයාර් කෝවිල් ශාලාවේ දී සංවිධානය කරනු ලැබීය.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව වවුනියාව පුතුකුලම මහා විද‍්‍යාලයේ එල්. සතිස් කුමාර් මහතා සහ වවුනියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඊ. සදුවන් මහතා විසින් මෙම සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබීය.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණය අවසානයේ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූවන්ට විෂය නිර්දේශයට අදාල පොත් කට්ටලය බැගින් ප්‍රදානය කරනු ලැබීය.

ඒ අනුව, මෙම පොත් පරිත්‍යාගය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකාර පීඨයේ කථිකාචාර්ය ගජනායක මහතා සහ මුල්ලෙයාවෙලි ලංකා බැංකුවේ කළමණාකරු වන ජයන්ත මහතා විසින් අනග්‍රහකත්වය දක්වනු ලැබීය. මෙම පොත් තොගයේ වටිනාකම රුපියල් 120,000/= ක් පමණ වේ.

මෙම අවස්ථාව සඳාහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ‍්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 591 සහ 593 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ඇතුළු අනෙකුත් ආරාධිතයින් රැසක් සහභාගි වූහ. best shoes | FASHION NEWS