17th December 2016 23:22:46 Hours
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 බළසේනාවෙ භට පිරිස් විසින් උස්සාපිටිය ආනන්දාරාම විහාරස්ථානයේදී අක්ෂි රෝගීන් සදහා ජංගම අක්ෂි සායනයක් හා ඇස් කණ්නාඩි බෙදා දීමක් බ්රහස්පතින්දා (15) දින සිදුකරන ලදී.
මෙ සදහා අක්ෂිරෝග විශේෂඥ වෛද්ය නීමල් වීරකෝන් මහතා සමගින් මහනුවර ඔප්ටිකල් ආයතනයේ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ඇස් කණ්නාඩි බෙදාදීමට ප්රථම රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීම සිදු කලහ.
මෙම සායනය මගින් සිවිල් වැසියන් 168 දෙනෙකුගේ ඇස් පරීක්ෂාව හා කණ්නාඩි බෙදාදීම සිදුකල අතර, මෙ සදහා රැපියල් 147,600.00 මුදලක් වැයවි ඇත.
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 8 වන ශ්රී ලංකා සිංහ රෙජිමෙන්තුව විසින් මෙම ව්යාපෘතිය සමිබන්ධීකරණය කරන ලදී.
58 වන සේනාංකයේ සේනාංකාධිපති මෙජර් ජෙනරාල් ඒ.ඩබි.එමි.ඒ.ඩබි.එන් රණවන ගේ මගපෙන්වීම යටතේ සිදුකල මෙම ව්යාපෘතිය සදහා 583 බළසේනාධීපති හා අනෙකුත් නීළධාරීන් එක්ව සිටියහ.
Sportswear free shipping | FASHION NEWS