Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2019 14:19:40 Hours

582 වන බලසේනාවේ භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනක් සඳහා එක්වෙයි

වාද්දුව, සුහද එකමුතුව සමිතියේ ඉල්ලීමකට අනුව 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 582 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහනක් සඳහා සිය සහයෝගය ලබාදෙමින් වාද්දුව, වේරගම මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු එච්.ආර්.කේ.පී. පීරිස් ගේ සම්බන්ධිකරණයෙන් 58 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 582 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහයෝගය ඇතිව සිදුකරන ලදී.  

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු ඇතුළු සෙසුනිළයින් 20 දෙනෙකු සංවිධායකයින් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙම ශ්‍රමදාන වැඩසටහන දියත් කරන ලදි. Best Sneakers | jordan Release Dates