Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2018 12:38:40 Hours

58 වන සේනාංකයේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක්

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා උපදේශක සහය ලබාගැනීමේ අරමුණින් තවත් පුහුණු වැඩමුළුක් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ සංකල්පයකට අනුව සිකුරාදා (16) දින 58 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා සහ ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්ය සාධක බලකායේ එච්.එම්. තිලකරත්න විසින් මෙහෙයවනු ලැබු අතර වැඩමුළුව සඳහා යුද්ධ හමුදා නිලධාරින් 3 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 43 ක් සහභාගි වූහ.

මෙම වැඩමුළුව සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මෙම පුහුණු වැඩමුළුව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 58 වන සේනාංකායේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය සහ සම්බන්ධීකරණය ඇතිව පවත්වනු ලැබීය. Asics footwear | Autres