Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

58 වන සේනාංක භට පිරිස් ගංවතුර සහන මෙහෙයුම් සමඟ කාර්ය බහුල වේ

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති රත්නපුර, ඇළපාත වැ‍වේ, වැව්බැම්ම ආරක්‍ෂා කිරීම සඳහා 58 වන සේනංකයට අයත් 583 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (26) දින වැලි කොට්ට අසුරණ ලදි.

ඇළපාත වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඒ අවට ප්‍රදේශයේ නිවාස 25 ක් පමණ ජලයෙන් යටවිමේ අවධානමට ලක්ව ඇත. මෙම හදිසි තත්වය වළක්වා ගැනීමේ මෙහෙයුම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 32 කට වැඩි පිරිසක් සහභාගී විය. අධිකව ජලය පිරි තිබිම හේතුවෙන් වාන් දොරටු මගින් එම තත්වය කළමණාකරණය කල නොහැකි බැවින් 583 වන බලසේනාවේ භට පිරිස් විසින් සෙනසුරාදා රාත්‍රි කාලයේ වැලි කොට්ට අසුරා ඇතිවිය හැකි හානිය යම්තාක් දුරට අවම කිරීමට සමත්විය.

මේ අතරතුර, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ උපදෙස් මත 9 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් බුලත්සිංහල, යටගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව රැදී සිටින අවතැන් වු ජනතාව වෙනුවෙන් ජංගම වෛද්‍ය සායනයක් පවත්වන ලදී.  

මෙම වෛද්‍ය සායනය බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරගොඩ බටහිර මහජන සෞඛ්‍යය පරික්‍ෂක කාර්යාලයේ පැවැත් වූ අතර අවතැන් වු ජනතාව හට එම වෛද්‍ය සායනයට සහභාගිවිම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සලසා දෙනු ලැබීය. එසේම, යටගම්පිටිය පාසලේ තාවකාලිකව රැදී සිටින අවතැන් වු ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව 58 වන සේනාංකයේ සේනාංකාධිපති ‍මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් පුද්ගලිකවම සොයාබලන ලදී.

එමෙන්ම, සෙනසුරාදා (26) දින එම සේනාංකය යටතේ ස්ථාපිත 9 වන ගැමුණු හේවා බලඇණියේ 16 දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් විසින් යටගම්පිටිය ප්‍රදේශයේ ගංවතුරින් හානි වු වැඩිහිටි නිවාසය පරිශ්‍රයේ රැදී තිබු රොන් මඩ සහ සුන්බුන් ඉවත්කිරිමේ කටයුතු වල නිරතවූහ.

Sports Shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE