Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2017 08:45:40 Hours

574 වන බලසේනාව සිය සංවත්සර දිනය සමරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මාන්කුලම් පිහිටි 574 වන බලසේනාව සිය 6 වන සංවත්සර දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් සෙනසුරාදා (18) දින පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීර වෙත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමා පිලිගන්නා ලදි.

බලසේනාධිපතිතුමන්,මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, භට පිරිස් අමතා සමුහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිට සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ද සහභාගි විය.

එදින සන්ධ්‍යාවේ පැවති රාත්‍රි භෝජන සංග්‍රහයේ දී පරිපාලන, ක්‍රීඩා, ප්‍රජා කටයුතු ආදී සියලුම දක්ෂතා දැක්වුවන් අගයමින් සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

බලසේනා මුලස්ථානයට සහ භට පිරිස් හට අශිර්වාද එක් කරමින් සිකුරාදා (17) දින බෝධි පුජා පිංකමක් බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

affiliate tracking url | Nike