Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2019 22:55:31 Hours

573 සහ 653 වන බලසේනාංකයන් හි භට පිරිස් එක්ව පසැල් පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් පවත්වති

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඇති තෙරන්කණ්ඩල් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ භූමි පරීශ්‍රය පිරිසිදු කිරිම සඳහා බ්‍රහස්පතින්දා (3) දින ශ්‍රමදාන වැඩසටහනක් 573 හා 653 වන බලසේනාංකයන්හි යුද්ධ හමුදා භටපිරිස් සහ පාසැල් කාර්ය මණ්ඩලයේ සහයෝගීත්වයෙන් යුතුව දියත් කරන ලදි.

එම පාසලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම සහ 653 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත දියත් කරන ලද මෙම ප්‍රජා ව්‍යාපෘතියට 21 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණ අතර පාසැල් පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සියල්ල එහිදි පිරිසිදු කරන ලදී.

මේ අතර, වඩ්ඩකච්චි දෙමළ මිශ්‍ර පාසලේ බලධාරීන් විසින් 57 වන සේනාංකය වෙතින් සිදුකල ඉල්ලීමකට අනුව 573 වන බලසේනාවේ බලසේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත සිකුරාදා (4) දින එම බලසේනාවේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පාසැල් භූමිය පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරනු ලැබීය. Sportswear free shipping | adidas