Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2015 16:19:47 Hours

571 බලසේනාවේ සෙබලුන් තවත් පුණ්‍ය කර්මයක් සඳහා දායක වේ

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අභිනවයෙන් ඉදි කරනු ලැබූ “ලුම්බිණි“ විශ්‍රාම ශාළාව සහ “ශ්‍රී සුමන සමන් දේවාලය” කිළිනොච්චි ලුම්බිණි විහාරයේ ප්‍රධාන සංඝනායක ඉංගිරියේ පූජ්‍ය ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් දෙසැම්බර් 27 වන දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. 571 බලසේනාවේ සෙබලුන්ගේ සහ දානපතියන්ගේ දායකත්වයෙන් වන්දනා ගමන්හි යෙදෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම නව විශ්‍රාම ශාළාව ඉදි කරන ලදි. මෙයට සමගාමීව එදින ලුමිබිණි විහාරස්ථානයේ දී 571 බලසේනාවේ සෙබලුන්ගේ සංවිධානයෙන් පිරිත් සජ්ජායනාවක් ද සංවිධානය කරනු ලැබීය. මේ අතරතුර මොරගහහේන පූර්වාරාම විහාරාධිකාරී පුජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස හිමි, කිළිනොච්චි ලුම්බිණි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉංගිරියේ ධම්මාලංකාර හිමි ඇතුළු මහා සංඝ රත්නය 35 නමක් වර්ණවත් පෙරහැරකින් ශ්‍රී සුමන සමන් දේවාලය වෙත වැඩම කරවිය. මෙහි දි දානමය පිංකමක් ද පැවති අතර, එම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ වැඩ බලන සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂඨ නිලධාරීන්, අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.best Running shoes | Releases Nike Shoes