Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2018 12:37:20 Hours

57 වන සේනාංකයේ භට පිරිස් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් දියත් කරයි

ලෝක පරිසර සතිය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතින්ට සමගාමීව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පැළ බෙදාදීමේ වැඩසටහනක් අඟහරුවාදා (05) දින ක්‍රියාවට නංවනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීමට අනුව ක්‍රියාවට නැංවු මෙම ව්‍යාපෘතියේ දී ආර්ථික වටිනාකමින් යුතු පැළ තොගයක් ප්‍රදේශයේ මාර්ගයන් දෙපස සහ නම් කරන ලද ස්ථානයන්හි සිටුවන ලදී.

මේ අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 572 වන බලසේනාවේ භට පිරිස්, ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව සමඟ එක්ව අඟහරුවාදා (05) දින කිලිනොච්චි නගරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

ඒ අනුව, පාසල් සිසුන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් එක්ව කිලිනොච්චි නගරය සහ ඒ 9 මාර්ගය දෙපස පිරිසිදු කරනු ලැබීය.

Sneakers Store | nike