Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2018 20:59:02 Hours

57 වන සේනාංකය ‘යළි අපි නැගිටිමු - අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි

කාබනික පොහොර යොදා ගනිමින් එළවළු සහ කෘෂිකාර්මික බෝග වගා කිරීම පිළිබඳව උනන්දුවක් දක්වමින්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාන ගත සියලුම සේනාංක, බලසේනා සහ යුද්ධ හමුදා ආයතනයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත එළවළු පැළ විශාල තොගයක් බෙදාදීම පසුගිය දා 57 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ සිදු කෙරිණි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මඟපෙන්විම මත එම සේනාංකය විසින් ව්‍යාපෘතියේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ අතර සිකුරාදා (5) දින එම සේනාංක මුලස්ථාන භූමියේ දී පැවති මෙම පැළ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

‘යළි අපි නැගිටිමු - අටු කොටු පුරවමු’ තේමාව යටතේ ක්‍රියාත්මක වන ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙලට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත 57 වන සේනාංකය මෙසේ එම සේනාංක භූමියේ ඉඩ ඇති තැන් සොයා බලා මෙම විවිධ එළවළු බීජ පැළ වගාකිරීම ක්‍රියාත්මක කර ඇත.

මීට මාස කිහිපයකට පෙර කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් රජයේ ‘අපි වවමු - රට නඟමු’ තේමාවට අනුකූලව ක්‍රියාත්මක වෙමින් යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් අනුව කිලිනොච්චි ප්‍රදේශයේ සමාන්‍ය වැසියන් වෙත පොල් පැළ 125,000 ක් සහ වටිනා විවිධ පැළ විශාල තොගයක් බෙදාදෙනු ලැබීය.

තවද, 57 වන සේනාංකය තුළ එළවළු වගා කිරීම හා බීජ නිෂ්පාදනය ‍වෙනුවෙන් දැඩි වෙහෙසක් දරන සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් ඇගයීමට ලක් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ඔවුන්ට විශේෂ ත්‍යාග ද පිරිනමන ලදි.

මෙම උත්සවයෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ගොවිපළ සංකීර්ණය නිරික්ෂණය කළ අතර, එහි සේවයේ නියුතුවුවන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.

සියලුම බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Asics footwear | NIKE AIR HUARACHE