Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2017 17:56:01 Hours

56 සේනාංකය අලුත් අවුරුද්ද සමරයි

සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව 56 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත අලුත් අවුරුදු උත්සවය සඳුදා (24) දින වව්නියාව බෝගස්වැව මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්වීම යටතේ 56 වන සේනාංකයේ භට පිරිස් විසින් බෝගස්වැව සිවිල් වැසියන් සමඟ එක්ව පැවැත්වු අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටී.ජේ. නානායක්කාර සහභාගි විය.

නෙස්ලේ ලංකා (පුද්) සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම අවුරුදු උත්සවය අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් සහ රණවිරු රියල් ස්ටාර් ජනප්‍රිය ගායන ශිල්පින් රැසකගේ ගායනයෙන් වර්ණවත් විය.

Sport media | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger