Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2018 21:55:04 Hours

56 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටන්පිටිය බදාදා (18) දින පැවති සරළ උත්සවයකින් පසු රාජකාරි භාරගනු ලැබීය.

56 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් හට හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. තවද, එම සේනාංකයේ භට පිරිස් විසින් නව සේනාංකාධිපතිතුමන් වෙත ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටන්පිටිය, සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගනු ලැබීය. නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමේන් අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ.

Adidas shoes | Air Jordan Release Dates 2020