Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th February 2018 23:27:55 Hours

56 වන සේනාංකයට නව කාර්යාලීය ගොඩනැගිල්ලක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ ඉදිකරන ලද නව සේනාංක මූලස්ථාන ගොඩනැගිල්ල සෙනසුරාදා (24) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් විවෘත කරන ලදි.

කොක්එලිය හි පිහිටි 56 වන සේනාංක මූලස්ථානයේ පරිපාලනය සහ අනෙකුත් කටයුතු සඳහා දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති, නවතමයෙන් ඉදිකරන ලද මෙම දෙමහල් ගොඩනැගිල්ල යුද්ධ හමුදාධිපතිතුමා ගේ මඟපෙන්වීමෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර ගේ අධික්ෂණය යටතේ ඉදිකරනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ යුද්ධ හමුදාධිපති තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, එතුමන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කලේය. අනතුරුව යුද්ධ හමුදාධිපති තුමා සමග මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ සියලු දෙනා සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

56 වන සේනාංකය වෙත පැමිණි අවස්ථාවේ භට පිරිස් විසින් යුද්ධ හමුදාධිපති තුමා වෙත හමුදා සාම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යාම (drive-past Guard Turnout) පිරිනමන ලදි.

මෙම නවීන දෙමහල් කාර්යාල සංකීර්ණය නව සම්මන්ත්‍රණ ශාලාවක්, ගබඩා කාමරයක්, කාර්යාල ඒකකයක් සහ පරිගණක විද්‍යාගාරයක් ආදි අංගයන්ගෙන් සමන්විත වේ.

තවද, යුද්ධ හමුදාධිපතිතුමා විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තබා නික්ම යාමට ප්‍රථම එහි සිටි භට පිරිස් සමඟ සුහද පිළිසදරක නිරතවීමට ද අමතක නොකළහ.

Authentic Sneakers | THE SNEAKER BULLETIN