Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2016 16:00:14 Hours

56 වන සේනාංකය 19 වන සංවත්සරය සමරයි

56 වන සේනාංකයෙහි 19 වන සංවත්සරය නිමිත්තෙන් වව්නියාව ලේ බැකුවේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමගින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 93 දෙනෙකු සහ සිවිල් වැසියන් හත් දෙනෙකු දායකත්වය ලබා දුන්හ.

එමෙන්ම සංවත්සරයට සමඟාමීව සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාවක් සහ මහා සංඝරත්නය 21 නමක් විෂයෙහි දානමය පිංකමක් ද පවත්වනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි. පී රණසිංහ, 561 සහ 563 බලසේනාවෙහි බලසේනාධිපතිවරුන් සහ 56 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු සියලුම බලඇණිවල අණදෙන නිලධාරීන් සහභාගි වූහ.

එමෙන්ම අනෙකුත් ආගමික වතාවත් වෙන් වෙන් පූජනීය ස්ථානවල සිදු කරන ලදි. ඒ අනුව මුස්ලිම් ආගමික වතාවත් වව්නියාව මුස්ලිම් දේවස්ථානයේ ද ක්‍රිස්තියානි ආගමික වතාවත් වව්නියාව ක්‍රිස්තියානි පල්ලියේ දී ද හින්දු ආගමික වතාවත් කෝකිලායි නාගපුස්ස අම්මාන් කෝවිලේ ද සිදු කළ අතර, එම පූජනීය ස්ථානවලදි සේනාංක ධජය වෙත ආශීර්වාද ලබා ගැනීම මෙහිදි සිදු විය.

ඉන් අනතුරුව සේනාංකාධිපති විසින් භට පිරිස් ඇමතීම සිදු කළ අතර, 19 වන සංවත්සරය සංකේතවත් කරමින් නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී රුක් රෝපණයක් ද සිදු කරන ලදි.

තවද, සේනාංක පරිශ්‍රයේ දී සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේනාංකාධිපතිතුමා සහභාගි විය.

Best jordan Sneakers | Sneakers Nike Shoes