Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2017 11:22:15 Hours

55 වන සේනාංක සැමරුම වෙනුවෙන් භට පිරිස් ලේ දන්දෙයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-J) යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 21 වන සංවත්සරය එම සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ මගපෙන්වීමෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරමින් දෙසැම්බර් 15 – 23 දක්වා පවත්වන ලදි.

යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුව වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව සිකුරාදා (15) දින සිදුකරන ලද ලේ දන්දීමේ ව්‍යාපාරයක් ද සංවත්සර වැඩසටහනට ඇතුලත් වූ අතර, එහිදී නිළධාරින් ඇතුළු සෙබළුන් 103 කු විසින් ලේ පරිත්‍යාග කරන ලදි.

දෙසැම්බර් මස 16 දින, සංවත්සර සැමරුම වෙනුවෙන් දැනට සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට සෙත්පතා සහ මියගිය රණවිරුවන්ට පින්පතා බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදි.

බදාදා (20) දින පවත්වන ලද සංවත්සර සැමරුම් වැඩසටහන් හි අවසන් අධියරේදී, හමුදා සම්ප්‍රදයානුකූලව කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙළපාලියක් සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න වෙත 55 වන සේනාංක මුලස්ථානයේදී භට පිරිස් විසින් පිරිනමන ලදි.

එදිනම, සියළු නිළ භෝජන සංග්‍රහයක්ද සේනාංක මූලස්ථානයේ දී පැවැත්වූ අතර, සමූහ ඡායරූපයකටද සේනාංකයට අයත් සියළු හමුදා සාමාජිකයින් පෙනී සිටියහ.

දෙසැම්බර් 21 දින, 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා (SLAC) සංගීත කණ්ඩායමෙහි සහභාගිත්වයෙන් 55 සේනාංක මූලස්ථාන ක්‍රිඩාංගණයේදී සංගීත සංදර්ශණයක් ද පවත්වනු ලැබූ අතර, එහිදී නිළධාරින් සහ සෙසුනිළයින් නර්තන කණ්ඩායම සමග නැටුම් ගැයුම් වලට සහභාගි වී විනෝද වූහ.

සංවත්සර උත්සවයේ අවසන් අංගය ලෙස නිළධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරින් අතර සුහද හමුවක් 55 සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදි.

Nike air jordan Sneakers | UOMO, SCARPE