Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

54 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලිය හික්කඩුවේදී සාර්ථකව නිමාවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන 54 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලිය - 2019 පසුගිය ඉරිදා (24) දින හික්කඩුවේදි පැවති අතර මෙවර තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 14 ක් සහ යුද්ධ හමුදා කාන්තා බලකා ඒකක 4 ක් නියෝජනය කරමින් මළල ක්රීමඩක ක්‍රීඩිකාවන් 120 කට අධික පිරිසක් සහභාගී වූහ.

වර්ෂ 1951 දී ආරම්භ කරන ලද මෙම දක්ෂිණ යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලිය ශ්‍රී ලංකා මළල ක්‍රී ක්ෂේත්‍රයට විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර ඇති අතර මෙම තරඟාවලිය අප රට තුළ පවත්වනු ලබන ප්‍රධාන පෙලේ වඩාත් සංවිධානාත්මක වූ මාර්ග ධාවන තාරගාවලියකි.

මෙම තරඟාවලියේ ආරම්භක අවස්ථාවට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහභාගිවූ අතර මෙම අවස්ථාව සඳහා 58 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ද එක්ව සිටියහ.url clone | Nike Running