Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

53 වන සේනාංකයෙන් ජල පිරිපහදු ව්‍යාපෘතියක්

වකුගඩු රෝගයෙන් ප්‍රදේශයේ පාසල් සිසුන් වලක්වාගැනිමේ වැඩසටහනක් ලෙස හබරණ, ඉනාමළුව පිහිටි 53 වන සේනාංක මුලස්ථානය විසින් කැකිරාව සුමන විද්‍යාලයේ සිසුන් සඳහා නව ජල පිරිපහදු ඒකක දෙකක් අඟහරුවාදා (28) දින ස්ථාපනය කරන ලදි.

මෙම වැඩසටහන 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අදහසකට අනුව ආරම්භ කළ අතර, මේ වන විට පාසල් කිහිපයක් සඳහා ජල පිරිපහදු ඒකක ලබා දී ඇත. මේ අනුව කැකිරාව සුමන විද්‍යාලය ඇතුළු හබරණ, ගලේවෙල, සිගිරිය සහ නාඋල ප්‍රදේශවල පාසල් සඳහා මෙම ප්‍රතිලාභය හිමිවි ඇත.

මෙම ජල පිරිපහදු ඒකක දෙක සහ සනිපාරක්ෂක පද්ධති 5 සඳහා මූල්‍යමය දායකත්වය ‘කොය්ල්’ කාන්තා සංගමයේ සභාපතිනි ශානිකා සුමතිපාල මහත්මිය ඇතුළු සාමාජිකාවන් විසින් ලබා දි ඇත.

මෙම ජල පිරිපහදු ඒකක ඉදිකිරිම සහ සකිරිම ඉංජිනේරු සේවා භට පිරිස් සහ 53 වන සේනාංක භට පිරිස් විසින් සිදු කරන ලදි.

Nike footwear | Air Max