Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2017 10:15:20 Hours

53 වන සේනාංකයේ ATM යන්ත්‍රයක් ද සහිත ආපනශාලා සංකීර්ණය විවෘත කෙරේ

යුද හමුදා සාමාජිකයින් සහ මහජනතාව වෙනුවෙන් ඉනාමළුව දිගම්පතන ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංක මුලස්ථානයේ ඉදිකළ සුබසාධක වෙළඳසැලක්, ආපන ශාලාවක් සහ ස්වයංක්‍රීය මුදල් හුවමාරු කිරීමේ ATM යන්ත්‍රයක් සහිත නව ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (05) දින විවෘත කරන ලදි.

ආගමික වතාවත්වලින් අනතුරුව සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්වා 53 වන සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා විසින් මෙම ගොඩනැගිල්ල විවෘත කළ අතර, ඔහුගේ මඟපෙන්විම යටතේ මෙම ඉදිකිරිම කටයුතු සිදුකෙරිනි.

53 වන සේනාංකයේ සේවයේ නියුතු ඉංජිනේරු භට පිරිස් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කළ අතර, ඒ සඳහා එම සේනාංකයේ සියලු නිලයින් ද සහයෝගය දැක්වූහ.

එමෙන්ම, යුද හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් වැසියන්ගේ විශාල අවශ්‍යතාවයක්ව පැවති ස්වයංක්‍රීය මුදල් හුවමාරු කිරීමේ ATM යන්ත්‍රයක් ද මහජන බැංකුවේ දායකත්වයෙන් සවිකරන ලදි.

bridge media | UOMO, SCARPE