Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2018 16:07:51 Hours

53 වන යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය - 2018 හික්කඩුවේ දී නිමාවේ

යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය - 2018, යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 22 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩාකාවන් 140 ක ට ආසන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඉරිදා (04) දින උදෑසන හික්කඩුවෙන් ආරම්භ වී බද්දේගම ප්‍රදේශය ආවරණය කරමින් කිලෝමීටර 21 ක් දුර පසුකර ගෙවා සාර්ථකව නිමාවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන මෙම තරඟය උදෑසන 6.00 ට පමණ හික්කඩුව මහජන ක්‍රීඩාංගනය අසලින් අරම්භ වී බද්දේගම දක්වා ගමන් කර නැවතත් එම මාර්ගය ඔස්සේ පැමිණ අරම්භක ස්ථානයෙන් අවසන් විය.

2018 - යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහභාගි වූ අතර තරඟය නැරඹීම සඳහා නිලධාරින් සහ යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් කාන්තා සෙබළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ජාත්‍යාන්තර මට්ටමින් පවත්නු ලබන යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය - 2018, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ විධිවිදානයන්ට අනුකූලව ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් විනිසුරු මඩුල්ලක් විසින් විනිශ්චය කරන ලදී. තවද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් 53 වන යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුල ඉතා උනන්දුවක් හා උද්යෝගයක් ඇති කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සපයන ලෙස සියලු අංශයන්ට උපදෙස් ලබාදී තිබීණි.

2018 - යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟයේ නිමාව සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ අනුග්‍රහය යටතේ පවත්වනු ලැබීය.

මාර්ග ධාවන තරඟයේ ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක ද එක්ව සිටියහ.

ජයග්‍රාහකයින්ගේ විස්තර පහත දැක්වේ;

සමස්ථ ශුරතාවය - (පිරිමි අංශය)

● ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

සමස්ථ ශුරතාවය - (කාන්තා අංශය)

● 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

පිරිමි අංශය

● පළමු ස්ථානය - තුවක්කු සෙබළ කේ. ශම්මුගේෂ්වරන් - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

● දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් වයි.පී.එම් ගුණතිලක - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

● තෙවන ස්ථානය - බොම්බඩි බී.යු විජිතකුමාර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

කාන්තා අංශය

● පළමු ස්ථානය - අධුණික කාන්තා සෙබළ ඒ.එල්.එස්.ඩී ලියනගේ - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

● දෙවන ස්ථානය - කාන්තා සෙබළ පී.එම්.එස් සෙව්වන්දි - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

● තෙවන ස්ථානය - කාන්තා සෙබළ ඒ.එස්.එන් බණ්ඩාර - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

Asics shoes | Nike