Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

515 බලසේනාවේ භට පිරිස් වෙතින් බැතිමතුන් සඳහා පානීය ජලය මෙන්ම ප්‍රවාහන සහ වෛද්‍ය පහසුකම්

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම මත එම මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනාවේ භට පිරිස් විසින් මුරුගන් හි මයිලිඩි කන්නාගි අම්මාන් සහ කුලාතඩි අම්මාන් කෝවිල්හි පැවති ‘තයිපුසා තිරුවිලා’ පුජාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයන ලදි.

කෝවිලේහි ප්‍රධානීන්ගේ ආරාධනයකට අනුව මෙම විශේෂ පුජාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති සමඟින් හින්දු ආගමික යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

මෙම පූජාව සඳහා සහභාගි වූ බැතිමතුන් වෙනුවෙන් භට පිරිස් විසින් ප්‍රවාහන, පානීය ජලය, හදිසි වෛද්‍ය සේවා සහ අනෙකුත් මුලික අවශ්‍යතාවයන් සපයන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, 515 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සනත් අලුවිහාරේ සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් හරිස්චන්ද්‍ර මායාසිංහ ඇතුලු තවත් නිලධාරින් රැසක් ද මෙම පුජාව සඳහා සහභාගි වුහ.

latest Running | Air Jordan