Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2018 14:35:50 Hours

513 බලසේනාවේ සංවත්සර වැඩසටහන භට පිරිස් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනින් අරඹයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් කීරමලේ පිහිටි 513 වන බලසේනා මුලස්ථානයේ 23 වන සංවත්සරයට සමඟාමිව උතුරු පළාතේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් 45 දෙනෙකුට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රුධිරය පරිත්‍යාග කරන ලදී.

සංවත්සර වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අගෝස්තු මස 20 වන දින මෙම ලේ දන්දීමේ වැඩසටහන පවත්වන ලද අතර ඒ සඳහා තෙලිප්පලෙයි රෝහලේ වෛද්‍ය එස්. ප්‍රදීපන් මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ලැබුණි. මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා 513 වන බලසේනා මුලස්ථානය යටතේ වන සියළුම ඒකකයන් හි හමුදා සාමාජිකයින් දායකත්වය ලබා දෙනු ලැබීය.

අගෝස්තු මස 23 වන දින සිත්තන්කර්නි, ‘ශිවභුමී’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 75 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාර වේලක් සහ ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලද අතර කැලිප්සෝ සංගිත කණ්ඩායමේ සංගීතයෙන් ද රසාස්වාදයට පත් කරන ලදී.

එදින සන්ධ්‍යාවේදී යාපනය ශ්‍රී නාග විහාරයේ 513 වන බලසේනාවේ සේවයේ නියුතු සියළුම නිලයින් හට සෙත් පතා ආශීර්වාදාත්මක බෝධි පුජාමය පිංකමක් පැවති අතර ඒ සඳහා දර්ශණීය ‍පෙරහැරකින් මහා සංඝරත්නය වැඩම කරවන ලදී. අගෝස්තු මස 27 වන දින 513 වන බලසේනාවේ භට පිරිස්හි විනෝදාස්වාදය සඳහා ආකර්ශණීය නර්තනයන් ගෙන් සමන්විත හා ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් කන්කසන්තුරෙයි මහජන ක්‍රිඩාංගණයේදී දැවන්ත සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී.

එදින මධ්‍යම රාත්‍රිය වන තෙක් පැවති එම සංගීත ප්‍රසංගය තුලින් හමුදා සාමාජිකයන් ඇතුළු ප්‍රදේශයේ සිවිල් වැසියන් විනෝදාස්වාදයෙන් හා රසාස්වාදයෙන් ඇලලී ගිය අතර 513 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහභාගි විය.

සංවත්සර දිනය වන 30 වන දින හමුදා සම්ප්‍රදායානුකුලව මුලස්ථාන පරිශ්‍රයේ දී බලසේනාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර 23 වන සංවත්සරය වෙනුවෙන් පැලයක් ද රෝපණය කරන ලදී. සියළු නිල භෝජන සංග්‍රහයෙන් අනතුරුව මෙම සැමරුම් උත්සවය නිමාවට පත් විය. Best Authentic Sneakers | jordan Release Dates