Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 13:28:26 Hours

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ නව කාර්යාල ගොඩනැගිල්ලක් විවෘත කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳුදා (3) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සිදුකල නිල සංචාරයක් අතරතුර නවතමයෙන් ඉදිකරනු ලැබූ කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි ආඥාපතිතුමන්ව එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් චමින්ද මදුරාවෙල විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එහිදී ආඥාපතිතුමන් විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි විය. Asics shoes | Air Jordan 1 Retro High OG University Blue - Gov