Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

4 වන කාලතුවක්කු හමුදා භට පිරිස් ලේ දන්දීමේ වැඩසටහනක

4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් සිය 54 වන සංවත්සර සැමරුම් වැඩසටහනට සමගාමිව යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙත ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කළහ.

යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුව තම අවශ්‍යතාවය දැනුම්දුන් පසු අණදෙන නිලධාරිතුමන් ඇතුලු 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් තම සංවත්සර සැමරුමට මෙම ලේ දන්දීමේ වැඩසටහන ඇතුලත් කර ගත්හ.

කඳවුරු පරිශ්‍රයේ පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහනට යුද්ධ හමුදා භට පිරිස් 130 ක් දායක විය. වෛද්‍ය පි. කොඩිතුවක්කු ඇතුලු යාපනය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහයෝගය දැක්වූහ.

Sports News | FASHION NEWS