Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2016 12:30:25 Hours

35 වන ලෝක හමුදා පිරිමි වොලිබෝල් ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොල්බෝල් කණ්ඩායම චීනය පරාජය කරයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ 35 වන ලෝක හමුදා පිරිමි බොලිබෝල් ශූරතාවලිය ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වනු ලැබේ. ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලි බෝල් කණ්ඩායම සහ චීන කණ්ඩායම අතර ටෙහෙරාන් අසාඩි වොලිබෝලි පිටියේ දී ඉරිදා (11) දින පැවති පළමු වටයේ තරඟයෙන් ලකුණු 3-1 (25-16; 25-16; 23-25; 25-19) ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහයණය කරනු ලැබීය. 35 වන ආරක්ෂක සේවා පිරිමි බොලිබෝල් ශූරතාවලියේ සමාරම්භක උත්සවය සෙනසුරාදා (10) දින පවත්වනු ලැබිය. දින 09 ක් පුරා (සැප්තැම්බර් 11 සිට19 ) දින දක්වා පවත්වනු ලබන එම තරඟාවලිය සඳහා චීනය, ලෙබනන්, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සමූහාණුඩව, පකිස්ථානය, පලස්තීනය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, වෙනිසියුලාව, සැම්බියාව සහ සත්කාරක ඉරාන ස්ලාමීය ජනරජය යන රටවල් නියෝජනය කරමින් රටවල් 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වූහ. Buy Kicks | NIKE HOMME