Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24 සේනාංක සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ පිංකමක්

24 වන සේනාංකයේ 4 වන සංවත්සරය සමරනු වස් නිලධාරින් හා සෙසුනිලයින් 450 කට අධික පිරිසක් අම්පාර සහ පොලොන්නරුව රෝහල් වල ලේ බැංකු වෙත ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කරන ලදි.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම ප්‍රජා සත්කාරයට අම්පාර රෝහලින් වෛද්‍යවරුන් 04 ක් සහ පොලොන්නරුව රෝහලින් වෛද්‍යවරුන් 02 ක් ද සහභාගි විය. තවද රෝහල් කාර්ය මණ්ඩලයේ 29 කුද මෙම අවස්ථාවට සහභාගි විය.

24 වන සේනාංකයට අයත් බලප්‍රදේශයේ බලසේනා, පුහුණු පාසල් සහ ඒකකවල සාමාජිකයින් අම්පාරේ පැවති මෙම වැඩසටහන සහභාගි විය.

අම්පාර සහ පොලොන්නරුව රෝහල්වල රෝගීන් සඳහා ප්‍රයෝජනවත් වු මෙම සත්කාරය වෙනුවෙන් එම රෝහල්වල බලධාරින් විසින් විශේෂ ස්තූතියක් ද 24 වන සේනාංකයේ සේනාංකාධිපති වෙත පුදකරන ලදි.

අම්පාර රෝහලේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පී.කේ.සී. ලංකා ජයසිංහ, රුධිර පාරවිලයන සේවා ඒකකයේ උපදේශක වෛද්‍ය හංස රාමනායක, අම්පාර සහ පොලොන්නරුව රෝහල්වල වෛද්‍යවරුන් ද මේ සඳහා සහයෝගය දැක්වූහ.

තවද, 24 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, 241 බලසේනාවේ බලසේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිරි, 242 බලසේනාවේ බලසේනාධිපති කර්නල් උපුල් වීරකෝන්, 24 වන සේනාංකයේ කර්නල් සම්බන්ධිකරණ කර්නල් සිසිර කුමාර, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ‍.

spy offers | Nike Off-White