Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24 වන සේනාංක භට පිරිස් වැඩිහිටියන් සමඟ නිදහස් දිනය සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර පිහිටි 24 වන සේනාංක මුලස්ථානය විසින් 69 වන නිදහස් දිනය වෙනුවෙන් අම්පාර, සරණ වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් 40 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදෙමින්, එම වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදි.

මෙම වැඩසටහන අතරතුර දී 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.එම්.මුදලිගේ මෙම අවස්ථාවට එක් වූ අතර, එම නේවාසික වැඩිහිටියන් සමඟ සුහද පිළිසදරක නිරත වෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව ද සොයා බලන ලදි.

දිවා ආහාරයට ප්‍රථම කැලිප්සෝ කණ්ඩායම ඉදිරිපත් කළ සංගීතයට වැඩිහිටියන් කිහිපදෙනෙකු ගීත ගායනා කිරීම සිදු කළහ.

මෙහි දි 24 වන සේනාංක භට පිරිස් විසින් නේවාසික වැඩිහිටියන් වෙත සිනී, කිරිපිටි, සබන් සහ වියලි ආහාර ආදිය ද පිලිගැන් වූහ.

24 වන සේනාංකයේ සේනාංකාධිපති සමගින් කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන, මාණ්ඩලික නිලධාරීන්, සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ඇතුලු නිලධාරීන් 12 ක් සහ සෙසු නිලයින් 50 ක් මේ සඳහා එක්ව සිටියහ.

Nike Sneakers | adidas Yeezy Boost 350