Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2018 18:35:45 Hours

24 වන සේනාංකයේ භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පෙරියනිල්වානි නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අම්පාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ 2018 මාර්තු මස 01 වන දින ඇතිවූ සුළි සුළං තත්ත්වයෙන් හානියටපත් පෙරියනිල්වානි නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

මෙම නිවාස සංකීර්ණය වර්ෂ 2004 දී ඇතිවූ සුනිමි ව්‍යසනයෙන් පසු රජය විසින් ඉදිකරන ලදී. පසුගියදා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට ඉහළින් ඇති වූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 432 ක් අවතැන්වී ඇති අතර නිවාස 54 ක වහාලය කැඩි තවත් නිවාස 75 ක් මුළුමනින්ම විනාශයට පත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව මාර්තු මස 1 වන දින ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමට සහ ඔවුන්ට උපකාර කිරීමට පියවර ගන්නා ලදී.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් අනතුරුව, අම්පාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා ඇතුළු ප්‍රදේශයේ සියලුම ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඇගයුමට ලක් කළහ.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නංවන ලදී.

spy offers | Nike Off-White