Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2018 21:04:21 Hours

233 බලසේනාවේ සම්බන්ධිකරණයෙන් දිළිදු පවුල් වෙත ආහාර සහ ඇඳුම් බෙදාදෙයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බළසේනාවේ භට පිරිස් විසින් 2018 නව වසර උදාවට සමගාමීව ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේ ටික්කන ගම්මානයේ දිළිඳු පවුල් වෙනුවෙන් සඳුදා (01) දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව ටික්කන ගම්මානයේ දිළිඳු පවුල් 25 ක් සඳහා 233 බළසේනා භට පිරිස් විසින් වියළි සලාක සහ ඇඳුම් එහිදි බෙදාදෙනු ලැබීය.

233 වන බළසේනාවේ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා ‘ඩෙල්මා’ සමුහ පුද්ගලික සමාගම විසින් අනුග්‍රහය දක්විය.

නිලධාරින්, සෙසුනිලයින් සහ දානපතීන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Running sport media | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite