Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2017 21:58:11 Hours

233 වන බලසේනාවෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 බලසේනා භට පිරිස් විසින් සිවිල් බලධාරීන් සමඟ එක්ව ජාතික ඩෙංගු මර්ධන සතියට සමගාමිව සෙනසුරාදා (08) දින වාකරේ ප්‍රදේශයේ දී ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම වැඩසටහනේ දී භට පිරිස්, පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් සමඟ එක්ව මඩකලපුව සහ ත්‍රිකුණාමලය මාර්ගයන්හි කිලෝමීටර් 10 ක පමණ ප්‍රදේශයක කුණු කසල ඉවත්කිරීම සිදු කරනු ලැබීය.

233 බලසේනාවේ බලසේනාධිපති, වාකරේ ප්‍රාදේශීය ලේකම්, වාකරේ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

best Running shoes brand | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ