Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2017 18:56:17 Hours

23 වන සේනංකය අලුත් අවුරුදු උත්සවය

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භට පිරිස් විසන් සංවිධානය කරන සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය සියලු ජන කොටස් වල සහභාගිත්වයෙන් සෙනසුරාදා (22) දින වන්දරමුල්ල මහා විද්‍යාලයීය ක්‍රීඩංගනයේ දී පවත්වනු ලැබුහ.

සියලුම ජාතින් අතර සාමය හා සංහිඳියාව ඇතිකරලිමේ අරමුණින් යුතුව 23 වන සේනාංකයේ භට පිරිස් විසින් සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත ‘සුර්ය මංගල්‍යය’ අලුත් අවුරුදු උත්සවය සඳහා සිංහල, දමිළ සහ මුස්ලිම් වැසියන් විශාල පිරිසක් සහභාගි වුහ.

සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ආරම්භ වු මෙම අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තන් වශයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගි විය.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩී.බී. පනන්වල, නැගෙනහිර පළාත් භාර පොලිස්පති ඊ.ඒ. සුමිත් එදිරිසිංහ මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගි වු අතර පැවති තරඟ ඉසව්වන්හි ජයග්‍රාහකයන් වෙත වටිනා ත්‍යාග පිරිනැමුහ.

short url link | Sneakers Nike Shoes