Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2018 16:00:10 Hours

23 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

23 වන සේනාංක මූලස්ථානයේ 21 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ බ්‍රහස්පතින්දා (01) දින රාජකාරි අරඹනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව, සිය කාර්යාලයේ දී නව සේනාංකාධිපතිතුමන් නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. තවද මෙම අවස්ථාව සිහිවනු වස් සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළහ.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියලු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

බ්‍රිගේඩියර් බී.ඩබ්ලිව්.ඩි.පී. අබේනායක 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස නව ධුරයේ රාජකාරි භාරගැනීමේන් අනතුරුව බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ සිය ධූරයේ රාජකාරි භාරගැනු ලැබීය. spy offers | jordan Release Dates