Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2018 18:02:10 Hours

224 වන බලසේනාවේ භට පිරිස් සහ සිසුන් එක්ව නත්තල් බැති ගී ප්‍රසංගයක

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාවේ භට පිරිස්, කතෝලික ප්‍රජාව සහ සිසුන් එක්ව බ්‍රහස්පතින්දා (28) දින මූතුර් කිතුනු දේවස්ථානයේ දී විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය.

මෙහිදි ප්‍රදේශයේ පාසල් සිසුන් 100 කට වැඩි පිරිසක් සම්ප්‍රදායික සහ නූතන නත්තල් බැති ගී සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම ගායනා කරනු ලැබීය.

නත්තල් සමයේ දී සියලුම ජනවර්ගයා අතර සාමය, සංහිඳියාව සහ ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

රදගුරු පූජ්‍ය සුදර්ශන් පියතුමන් ඇතුළු කිතුනු පූජකවරුන්, 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එච්.කේ. කොටවත්ත සහ 24 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් එම්.ඒ.සී.පී. මාරසිංහ මෙම අවස්ථාවට ආරාධිතයින් වශයෙන් සහභාගි විය.

කිතුනු බැති ගී ගායනා අවසානයේ දී ඔවුන් සියලුදෙනාහට 224 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් තිළිණ ප්‍රදානයක් ද සිදු කළහ.

Sports News | FASHION NEWS