Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2018 16:49:01 Hours

221 වන බලසේනාව වෙතින් පාසල් සිසුන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 වන බලසේනාවේ භට පිරිස් විසින් මොරවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්, සිවිල් අංශයේ ආධාරකරුවන් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව මොරවැව යාය - 06 පාසල් ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (09) දින පවත්වනු ලැබීය.

මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන පවත්වනු ලැබීය.

අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පාසලේ ගුරුවරුන් සහ සිසුන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, විදුහල්පතිතුමන් විසින් පිළිගැනීමේ දේශනය සිදු කරනු ලැබීය.

මොරවැව යාය - 06 විද්‍යාලය, මොරවැව උතුරු සිංහල විද්‍යාලය, මයිලවැව විද්‍යාලය, පුලිකන්දිකුලම විද්‍යාලය සහ පඹුරුගස්වැව විද්‍යාලයේ සිසුන් 175 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 ක වටිනාකමින් යුතු අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ සපත්තු තොගයක් මෙහිදි පරිත්‍යාග කරනු ලැබීය. 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

මොරවැව අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදාවේ සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලැබු මෙම වැඩසටහන වෙනුවෙන් පාසල් ගුරුවරුන්ගේ ප්‍රණාමය මෙහිදි යුද්ධ හමුදාව වෙත පිරිනමන ලදි.

මෙම වැඩසටහන අවසානයේ සිසුන්ගේ දෙමාපියන් විසින් තේ පැන් සංග්‍රාහයක් ද සුදානම් කර තිබුණි.

මෙම උත්සවය සඳහා 221, 222 සහ 224 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.

Best Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News