Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2019 11:57:52 Hours

22 වන සේනාංකයේ භට පිරිස් දමිළ සහ ඉංග්‍රීසි මූලික පාඨමාලාවන් සාර්ථකව හදාරති

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් සියලුම ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දින 45 ක මූලික ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාලාව 2018 සැප්තැම්බර් මස 29 වන දින සිට දෙසැම්බර් මස 29 දින දක්වා පැවැත්වූ අතර පාඨමාලාව අවසානයේ සහතිකපත් ප්‍රදානෝත්සවය 22 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (සම්බන්ධිකරණ නිලධාරී) ලුතිනන් කර්නල් එම්.එච්.ආර්. ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එමෙන්ම, 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දින 30 ක කාලයක් පුරා පවත්වනු ලැබු මූලික දමිළ භාෂා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය සඳුදා (07) දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග සහභාගි විය. Nike Sneakers Store | Nike