Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2018 16:25:41 Hours

22 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, ඒකක වගා තරඟාවලියේ පළමු ස්ථානය හිමිකරගනි

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම හා පශූ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘ජාතික ආහාර සංග්‍රමය’ නමින් දියත් කරනු ලබන සම්ප්‍රදායික වගා වැඩසටහනක් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන් අතර පවත්වනු ලැබීය.

ඒකකයන් අතර තරඟයක් ලෙස මෙම වැඩසටහන පූරා මාස 06 කට වැඩි කාලයක් පැවැති අතර එහිදි කෘෂිකර්ම හා පශූ සම්පත් දෙපාර්තමේන්තුව විසින් හොඳම ආහාර නිෂ්පාදිත ගොවිපල ලෙස 22 වන ගජබා රෙජිමේන්තුව තෝරාපත් කරගත්හ.

මෙම තරගයේ දී, කෘෂිකර්ම හා පශු සම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් විසින් කාබනික වලින් තෝර ආහාර වගාවක් ලෙස අනෙකුත් සියළු ඒකකයන් අතුරින් තෝරාගත් 22 වන ගජබා රෙජිමේන්තුව සම්මාන ලබාගත්හ.

එමෙන්ම, මෙම තරඟාවලියේ දී 25 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ භට පිරිස් විසින් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමි කරගත්හ.

මෙම තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමේ උත්සයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර කෘෂිකර්ම හා පශු සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි විය.

buy footwear | Nike